Wednesday, October 27, 2010
ක්‍රිස්තියානි ආගම
මෙරට රෝමානු කතෝලික රෙපරමාදු එංගලන්ත සභා ප්‍රොතෙස්තන්ත යනාදි විවිධ නිකායන්ට අයත් පොදුවේ ක්‍රිස්තියානි නමින් හැදින්වෙන ජනතාව 6 % කි.මෙම නිකායන්ගෙන් මුලින්ම ලංකාවට හදුන්වා දෙනු ලැබූයේ පෘතුගීසින් විසින් ගෙන ආ රෝමානු කතෝලික දහමයි.ඊළගට ලන්දේසීහු රෙපරමාදු දහමත් ඉංග්රීසිහු එංගලන්ත සභාවේ දහමත් මෙරටට හදුන්වා දෙනු ලැබීය.තවද මෙම ප්‍රධාන නිකායන්ගෙන් පෙන්තකොස්ත ආදි තවත් උප නිකායන් කිහිපයක් පහල විය.ක්‍රිස්තුස්වහන්සේ කිතුදහමේ ශාස්තෲවරයා වේ. දේවරාජ්‍යයේ එළබීම ඊට සූදානම් වීම දෙවියන්වහන්සේට කීකරු වීම සහ දේව රාජ්‍යයට ඇතුළු වී එහි පුරවැසියෙකුවීම ක්‍රිස්තුස්වහන්සේ අවධාරණය කළ ප්‍රධාන ප්‍රස්තූතයි.
ඉස්ලාම් දහම
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ මක්කම නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද මහමත්තුමා ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය. ඉස්ලාම් දහම දැඩි ඒකදේවවාදී ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ. සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
හින්දු ආගම
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 8%ක් පමණ හින්දු භක්තිකයන්ය.මොවුන් වැඩිපුරම වාසය කරන්නේ උතුරු සහ බටහිර ප්රදේශවලයි.හින්දු ආගම අදහන ද්‍රවිඩ ජනතාව ක්‍රි පූ 2 වන සියවසේ සිට ගෙවුණු සියවස් දහයක පමණ කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පදිංචි වූ හින්දු භක්තික දමිළ ජනතාවගෙන් පැවත එති.දමිළ රජවරුන් රජරට පාලනය කිරිම සිංහල රජුන් තමන්ට උපකාර පිණිස ඉන්දියාවෙන්දමිළ හමුදා ගෙන්වා ගැනීම සිංහල රජවරුන් දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් කැදවා ගැනීම හින්දු ආගම වර්ධනයට ඉවහල් විය. හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේ සිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාස හා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නා හින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපත ලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළ ස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදි ප්‍රධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්ර හා මන්ත්‍ර ගායනා කිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ.
බුදුදහම
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 77% ක් පමණ බෞද්ධයන්ය.බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම බුදුන්වහන්සේය.බුදුදහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය.එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.
ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය
- ආගම යනු කුමක්ද?
-
- ආගම් අතර ඇති සමානතා
-
- ආගම් අතර ඇති අසමානතා
-
- ශ්‍රී ලංකාවේ ආගම් සංයුතිය
හින්දු ජනතාව 08 %
මුස්ලිම් ජනතාව 08 %
ක්‍රිස්තියානි ජනතාව 06 %
අනෙකුත් ජනතාව 01 %
ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම
ශ්‍රී ලංකාව ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රික්ක 25 කින්ද සමන්විත වේ. එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය තැත් කළද, දැන් එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ළඟා වී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය
අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකි දුරකට දිවයයි. ලංකාවේ පෙර විසු ප්රබලතම රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.
වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරනලදී. පරංගින්ගේ මුලික උවමනාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන් ගේද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ.

ශ්‍රී ලංකාව
ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති දූපතකි. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65610 කි.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, Zසීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, සීලදීප, සෙරන්දිබ්, රත්නදීප,ඉන්දියන් සාගරයෙහි මුතු අටය අදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය.
එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාරවාදී ජනරජය පිහිටුවන ලදී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ රජයේ නිලනාමය වන අතර එහි අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ.

Wednesday, October 20, 2010
මාර්ටින් වික්‍රමසිංහ
මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.
වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සල් හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසැලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.
1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
වික්‍රමසිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙළක් පිලිබඳ අපේක්ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.
50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක්‍රමික පිලිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.
සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.
මුල් කාලය
මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සල් හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසැලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.
නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා
වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
වික්‍රමසිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙළක් පිලිබඳ අපේක්ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.
50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක්‍රමික පිලිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.
වැදි ජනයා
වැදි ජනයා ලංකාවේ වෙසෙන ස්වදේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රමයෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය වෙමින් පවතියි.
සම්භවය
වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි.
උගතුන් විසින් පෙන්වා දෙන්නේ විජයාගමනයට පෙරාතුව පැවති ඉපැරණි ගෝත්‍ර වන යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ජන කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහිවන් බවකි. ඒ සේම, වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරීමේ දී, ඔවුන් ප්‍රෝටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන වේ.
පරීක්ෂණයන් මගින් පෙනි ගොස් ඇත්තේ, ඔවුන් ලංකාවේ ආදිවැසියන් වූ බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බව ය. වැද්දන්ගේ සම්භවය ක්‍රි.පු. 15,000-10,000 අතර,මධ්‍ය ශිලා යුගයේ විසූ අයතු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරීමේ ජන ජීවිතයකට හුරු වූ ජන කොට්ටාශයකට අයත් බව පෙන්.
සිංහල සාහිත්‍යයේ වැද්දන් හැඳින්වීමට යොදන වචන සැලකූ විට, 'මලදරු' (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ 'වන්නියලෑත්තන්' ලෙසිනි. වැද්දා යනු 'බැද්දා' යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වදනෙකයි වි.ජ.මූ. ලොකුබණ්ඩාරයන් පවසයි. ගොවිතැන් නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන්, සහ වනගත වූවන් හැඳින්වීමට යොදනු ලැබේ. සිංහල ජාතකකතා පොතහි ද මොවුන් හැඳින්වීමට 'මස් වැද්දා' යන යෙඳුම භාවිතා කොට ඇත. එහෙත් හෙන් ගොවිතැන් කළ, දඩයම් කොට ජීවත් වූ නමුත්, ඔවුන් වැද්දන් ගණයේ ලා නොසැලකුණි.
මහාවංශය අනුව සිංහල ජාතියේ ආරම්භයේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කුවේනි නම් හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ලෙස ජනප්රවාදයේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කුවෙණියගේ දරුවන් දෙදෙනා සමනොල අඩවියට පලා ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව මොවුන් 'පුලින්ද'යන නාමයෙන් ව්‍යවහාර වූ බව පෙනේ:
මහා වංශයේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කුවේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියාවෙන් ගෙනෙන ලදි. එහි දී කුවේණිය නැවත ලංකාපුරයෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇයගේ බාල සොහොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි. ඔවුන් සමන්-කුළ (සමනොළ කන්ද)ට ගොස් නැගණී දෙටු සොයුරා හා වාසය කොට, මලයා රට හෙවත් කදුකර ප්‍රදේශයේ ජන ප්‍රජාවක් බිහි කළ අතර, ඔවුන් පුලින්දා ලෙස දක්වා ඇත (මහාවංශය පරි. 7.59-68). පුලින්දන් පිළිබඳ ව සටහනක් තබන ගයිගර් තුමා පවසන්නේ, ඔවුන් මේලේජ්‍ය ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත්, පසුව වැද්දන් බවට හඳුන්වන්නට ඇති බවත් ය. කොළඹ, කළුතර සහ ගාල්ල ආශ්රිත ප්‍රදේශයේ සිට කදුකරය දක්වා ප්‍රදේශය ‘සබරගමුව’ ලෙසින් හදුන්වන අතර, එය ව්‍යුත්පන්න වන්නට ඇත්තේ ‘පුලින්ද’ යන්නට සමාන පදයක් වන සංස්කෘත ‘සබර,’ පාලි ‘සවර’ මගින් ය. උක්ත නිගමනයට අනුව ම යමින් ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිවරයාණන් ඔවුන්ගේ මහාවංශ පරිවර්තයේ ‘පුලින්ද’ වදන ‘වැද්දන්’ වශයෙන් ඍජුව ම දක්වා ඇත.
ඉහත පුරාවෘත්තයට අනුව වැදි ප්‍රජාව ලංකාවේ ආදිවැසියෝ නොවෙති. එහෙත් පුරාවෘත්තය කටකතා ආශ්රයෙන් බිහිවූවක් ලෙසින් පෙනෙන අතර, මෑතක දී වැද්දන් අතර ප්‍රචලිත වූවක් විය හැකි ය. කෙසේවෙතත් උගතුන් දක්වන්නේ ඉහත කතාව වැද්දන් ප්‍රකාශ කරන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් ද එතරම් එහි සත්‍යතාවය පිළිබඳ පිළිගැනීමක් නොමැති බව ය.
හෙලයන් සමග සඹඳතාව
මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්රකධාන නගරය. විවිධ ගෝත්රිලකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්ර මණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්රෝතහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්රකවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්යාෙඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ඥතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්‍ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්‍ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.
වැදි සමාජ සංවිධානය
වැදිසමාජය තුළ කැපී පෙනෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. බොහෝ විට වැදි රැළක් වැදිනායකයකු යටතේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාරයේ, ගෝත්‍ර අතර වෛරයක් හෝ ගෝත්‍ර සටන් දක්නට නොමැත. එක ම ප්‍රදේශයක වරිග කිහිපයක වැදිජන ප්‍රජාවන් සමාදානයෙන් ජීවත් වුව ද, ප්‍රදේශයට ඇතුල්වීමේ දී විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිගයෝ ගඟක් හෝ කැළැ පෙදෙසක් හරහා වෙනත් ප්‍රදේශයන් වලට සංක්‍රමණය වූ හ. මෙසේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු වි ය.
වරුග බෙදීම
වැද්දන් අතර වරුග බෙදීමක් දක්නට ඇති අතර, එය කෙසේ ආරම්භ වූයේ ද, එහි ප්රයෝජ්යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එහෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනීමේ දී, මෙකී වරුග බෙදීම 'පෙළපතක්' වශයෙන් භාවිතා කරනු පෙනේ. ප්‍රධාන වශයෙන් වරුග හයක් වැද්දන් අතර පවති: මොරාන වරුගේ, උනාපාත වරුගේ, ඌරු වරුගේ, ඇඹල වරුගේ, නමුඩන වරුගේ, සහ තලා වරුගේ වශයෙණි. මෙයට අමතර ව, වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රීතයෙන් ද වරුග බෙදීමක් දක්නට ඇති අතර, ඒවා මෙහි ලා දක්වනු ලැබේ:හේනෙ-බැද්ද වරුගේ, ගොඩතලාව වරුගේ, එලකොතලිය වරුගේ, සීතල වන්නිය වරුගේ, ගිරාදුරු වරුගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරුගේ, හොරබොර වරුගේ, යක්කුරේ වරුගේ, උනිච්චිය වරුගේ යනාදිය ය. සමහර අවස්ථා වලදි, ආවහා-විවහා සම්බන්ධතාවලදී, ගරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත.සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරුගෙන් පිට විවහයන් කරත්, බහිර්-වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවකි.
සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ගෝත්‍රයෙන් පිට විවහා වීම හෙවත් බහිර්වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්රයෙන් ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30).
භූවිෂමතා ලක්ෂණ ඇසුරු කොට ද වැද්දන් ප්‍රධාන වශයෙන් වර්ගීකරණයකට බදුන් කළ හැකි ය. බින්තැන්න ඇසුරු කොට ජීවත් වන වැද්දන් සහ නැගෙනහිර පළාත ආශ්‍රීත වහරායි ප්‍රදේශයේ ජීවත් වෙති මොවුන් 'වෙතර්'වශයෙන් හඳුන්වනු ලැබේ.

Subscribe to:
Posts (Atom)