
Wednesday, October 27, 2010
ඉස්ලාම් දහම
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ මක්කම නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද මහමත්තුමා ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය. ඉස්ලාම් දහම දැඩි ඒකදේවවාදී ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ. සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment