ආගම යන වචනය විවිධාකාර නිර්වචනවලට බදුන් වූවකි.එය කාලයක් අවබෝධය දේශිත ධර්මය හා සම්ප්‍රදායික ඉගැන්වීම යන අර්ථයෙන් භාවිත විය.ඉන්පසු ඇදහිලි හා පුදපූජා විධි පොදුවේ හැදින්වීමට යොදා ගැණුනි.බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් ආදි නොයෙක් ඇදහීම් ක්‍රම හැදින්වීමටද පොදුවේ භාවිත වේ.හාන්ස් ලවුබා නම් විද්වතා A Psychological Study of Religion නම් තම ග්‍රන්ථයේ ආගම පිළිබඳ විවිධ උගතුන් විසින් දෙන ලද නිර්වචන 50 ක් පමණ දක්වා ඇත. ආගම් ගැන අධ්‍යයනය කිරීමේදී නිර්වචනයන්හි එල්බ ගැනීම නොව එම ආගම්වල මූලික අදහස් ඇදහීම් ක්‍රම හා පූජා විධි ආදිය වෙන්ව විමසා බැලිය යුතුය.
අද ශ්‍රී ලංකාවේ බුදුදහම හින්දු දහම ක්‍රිස්තියානි ඉස්ලාම් යන ආගම් බැලීමේදී ඒවායෙහි සමානකම්ද තිබේ.එනම් මේ ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් පරම පදාර්ථයක් ගැන තිබෙන පිළිගැනීම වේ.එය බුදුදහමේ නිර්මාණයයි.ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එය නිර්මාතෘ දෙවි කෙනෙකි.හින්දු ආගමේ බ්‍රහ්මයාය.මෙම ආගම් සියල්ලෙහි මරණින් මතු කිසියම් ආකාරයක පැවැත්මක් ගැනද අවධාරණය වේ.කිතු දහමේ හා ඉස්ලාම් දහමේ එය පුනරුත්ථානයයි.හින්දු ආගමේ හා බුදුදහමේ එය පුනර්භවයයි.එක් එක් පුද්ගලයා විසින් කරන හොද නරක පිළිබඳව මෙම ආගම් වලින් දැක්වේ.
මෙම ආගම් අතර සමානකම් මෙන්ම අසමානකම්ද විශාල වශයෙන් පවති.කිතුදහමේ සහ ඉස්ලාම් දහමේ ඊශ්වර බලවතෙකු ගැන පිළිගන්නා නමුත් බුදුදහමේ එසේ නොමැත.හින්දු ආගමේ සහ බෞද්ධ ආගම්වල දැක්වෙන්නේ පුනර්භවය වුවද කිතුදහමේ හා ඉස්ලාම්දහමේ දැක්වෙන්නේ පුනරුත්ථානයයි.බෞද්ධ මතය අනුව කර්මය යනු තමන් කරන ක්‍රියාවන්ගේ විපාක තමන්ට භුක්ති විදීමට සිදුවීමයි.ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන්නේ අනුන් කළ පවක් නිසා මුළු මනුෂ්‍ය සංහතියම කෙලෙසුණොත් මනුෂ්‍යයාට එහි ප්‍රතිවිපාක භුක්ති විදීමට සිදුව ඇති බවයි.
-
- ශ්‍රී ලංකාවේ ආගම් සංයුතිය
බෞද්ධ ජනතාව 77 %
හින්දු ජනතාව 08 %
මුස්ලිම් ජනතාව 08 %
ක්‍රිස්තියානි ජනතාව 06 %
අනෙකුත් ජනතාව 01 %
No comments:
Post a Comment