Wednesday, October 27, 2010

ක්‍රිස්තියානි ආගම

මෙරට රෝමානු කතෝලික රෙපරමාදු එංගලන්ත සභා ප්‍රොතෙස්තන්ත යනාදි විවිධ නිකායන්ට අයත් පොදුවේ ක්‍රිස්තියානි නමින් හැදින්වෙන ජනතාව 6 % කි.මෙම නිකායන්ගෙන් මුලින්ම ලංකාවට හදුන්වා දෙනු ලැබූයේ පෘතුගීසින් විසින් ගෙන ආ රෝමානු කතෝලික දහමයි.ඊළගට ලන්දේසීහු රෙපරමාදු දහමත් ඉංග්‍රීසිහු එංගලන්ත සභාවේ දහමත් මෙරටට හදුන්වා දෙනු ලැබීය.තවද මෙම ප්‍රධාන නිකායන්ගෙන් පෙන්තකොස්ත ආදි තවත් උප නිකායන් කිහිපයක් පහල විය.ක්‍රිස්තුස්වහන්සේ කිතුදහමේ ශාස්තෲවරයා වේ. දේවරාජ්‍යයේ එළබීම ඊට සූදානම් වීම දෙවියන්වහන්සේට කීකරු වීම සහ දේව රාජ්‍යයට ඇතුළු වී එහි පුරවැසියෙකුවීම ක්‍රිස්තුස්වහන්සේ අවධාරණය කළ ප්‍රධාන ප්‍රස්තූතයි.

No comments:

Post a Comment