Wednesday, October 27, 2010

හින්දු ආගම

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 8%ක් පමණ හින්දු භක්තිකයන්ය.මොවුන් වැඩිපුරම වාසය කරන්නේ උතුරු සහ බටහිර ප්‍රදේශවලයි.හින්දු ආගම අදහන ද්‍රවිඩ ජනතාව ක්‍රි පූ 2 වන සියවසේ සිට ගෙවුණු සියවස් දහයක පමණ කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පදිංචි වූ හින්දු භක්තික දමිළ ජනතාවගෙන් පැවත එති.දමිළ රජවරුන් රජරට පාලනය කිරිම සිංහල රජුන් තමන්ට උපකාර පිණිස ඉන්දියාවෙන්දමිළ හමුදා ගෙන්වා ගැනීම සිංහල රජවරුන් දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් කැදවා ගැනීම හින්දු ආගම වර්ධනයට ඉවහල් විය. හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේ සිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාස හා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නා හින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපත ලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළ ස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදි ප්‍රධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ.

No comments:

Post a Comment