වැදි ජනයා ලංකාවේ වෙසෙන ස්වදේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්‌ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්‍රමයෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය වෙමින් පවතියි.
සම්භවය
වැද්දන්ද සිංහලයින් මෙන්ම ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එයි.
උගතුන් විසින් පෙන්වා දෙන්නේ විජයාගමනයට පෙරාතුව පැවති ඉපැරණි ගෝත්‍ර වන යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ජන කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහිවන් බවකි. ඒ සේම, වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරීමේ දී, ඔවුන් ප්‍රෝටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන වේ.
පරීක්‍ෂණයන් මගින් පෙනි ගොස් ඇත්තේ, ඔවුන් ලංකාවේ ආදිවැසියන් වූ බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බව ය. වැද්දන්ගේ සම්භවය ක්‍රි.පු. 15,000-10,000 අතර,මධ්‍ය ශිලා යුගයේ විසූ අයතු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරීමේ ජන ජීවිතයකට හුරු වූ ජන කොට්ටාශයකට අයත් බව පෙන්.
සිංහල සාහිත්‍යයේ වැද්දන් හැඳින්වීමට යොදන වචන සැලකූ විට, 'මලදරු' (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), 'සැරව්' (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ 'වන්නියලෑත්තන්' ලෙසිනි. වැද්දා යනු 'බැද්දා' යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වදනෙකයි වි.ජ.මූ. ලොකුබණ්ඩාරයන් පවසයි. ගොවිතැන් නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන්, සහ වනගත වූවන් හැඳින්වීමට යොදනු ලැබේ. සිංහල ජාතකකතා පොතහි ද මොවුන් හැඳින්වීමට 'මස් වැද්දා' යන යෙඳුම භාවිතා කොට ඇත. එහෙත් හෙන් ගොවිතැන් කළ, දඩයම් කොට ජීවත් වූ නමුත්, ඔවුන් වැද්දන් ගණයේ ලා නොසැලකුණි.
මහාවංශය අනුව සිංහල ජාතියේ ආරම්භයේ දී, ලංකාවට පැමිණි විජය කුමරු හා කුවේනි නම් හෙල යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ලෙස ජනප්‍රවාදයේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කුවෙණියගේ දරුවන් දෙදෙනා සමනොල අඩවියට පලා ගොස් ආරක්ෂිතව ජීවති විය. පසුකාලීනව මොවුන් 'පුලින්ද'යන නාමයෙන් ව්‍යවහාර වූ බව පෙනේ:
මහා වංශයේ සඳහන් වන පරිදි, විජය කුමරුවා කුවේණිය හා දරුවන් අතහැර දමා, විවහාය සඳහා රාජ කන්‍යවක් ඉන්දියාවෙන් ගෙනෙන ලදි. එහි දී කුවේණිය නැවත ලංකාපුරයෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව වෙත හරවා යවන අතර, එහි දී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණි ය. ඇයගේ බාල සොහොයුරා පැමිණ දරුවන් හට පලා යමට පවසයි. ඔවුන් සමන්-කුළ (සමනොළ කන්ද)ට ගොස් නැගණී දෙටු සොයුරා හා වාසය කොට, මලයා රට හෙවත් කදුකර ප්‍රදේශයේ ජන ප්‍රජාවක් බිහි කළ අතර, ඔවුන් පුලින්දා ලෙස දක්වා ඇත (මහාවංශය පරි. 7.59-68). පුලින්දන් පිළිබඳ ව සටහනක් තබන ගයිගර් තුමා පවසන්නේ, ඔවුන් මේලේජ්‍ය ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත්, පසුව වැද්දන් බවට හඳුන්වන්නට ඇති බවත් ය. කොළඹ, කළුතර සහ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සිට කදුකරය දක්වා ප්‍රදේශය ‘සබරගමුව’ ලෙසින් හදුන්වන අතර, එය ව්‍යුත්පන්න වන්නට ඇත්තේ ‘පුලින්ද’ යන්නට සමාන පදයක් වන සංස්කෘත ‘සබර,’ පාලි ‘සවර’ මගින් ය. උක්ත නිගමනයට අනුව ම යමින් ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිවරයාණන් ඔවුන්ගේ මහාවංශ පරිවර්තයේ ‘පුලින්ද’ වදන ‘වැද්දන්’ වශයෙන් ඍජුව ම දක්වා ඇත.
ඉහත පුරාවෘත්තයට අනුව වැදි ප්‍රජාව ලංකාවේ ආදිවැසියෝ නොවෙති. එහෙත් පුරාවෘත්තය කටකතා ආශ්‍රයෙන් බිහිවූවක් ලෙසින් පෙනෙන අතර, මෑතක දී වැද්දන් අතර ප්‍රචලිත වූවක් විය හැකි ය. කෙසේවෙතත් උගතුන් දක්වන්නේ ඉහත කතාව වැද්දන් ප්‍රකාශ කරන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් ද එතරම් එහි සත්‍යතාවය පිළිබඳ පිළිගැනීමක් නොමැති බව ය.
හෙලයන් සමග සඹඳතාව
මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්රකධාන නගරය. විවිධ ගෝත්රිලකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්ර මණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්රෝතහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්රකවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්යාෙඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ඥතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.
වැදි සමාජ සංවිධානය
වැදිසමාජය තුළ කැපී පෙනෙන ධුරාවලියක් දක්නට නැති තරම් ය. බොහෝ විට වැදි රැළක් වැදිනායකයකු යටතේ පාලනය විය. ආදිවාසි ජන ප්‍රජාවන්හි දක්නට ඇති ආකාරයේ, ගෝත්‍ර අතර වෛරයක් හෝ ගෝත්‍ර සටන් දක්නට නොමැත. එක ම ප්‍රදේශයක වරිග කිහිපයක වැදිජන ප්‍රජාවන් සමාදානයෙන් ජීවත් වුව ද, ප්‍රදේශයට ඇතුල්වීමේ දී විවිධ තහංචි ඔවුනොවුන් අතර විණ. සමහර වැදි වරිගයෝ ගඟක් හෝ කැළැ පෙදෙසක් හරහා වෙනත් ප්‍රදේශයන් වලට සංක්‍රමණය වූ හ. මෙසේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැදි ප්‍රජාවගේ ව්‍යාප්තවීම සිඳු වි ය.
වරුග බෙදීම
වැද්දන් අතර වරුග බෙදීමක් දක්නට ඇති අතර, එය කෙසේ ආරම්භ වූයේ ද, එහි ප්‍රයෝජ්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක් ඔවුන් තුළ නැත. එහෙත් ඔවුන් තමුන් හැඳුන්වා ගැනීමේ දී, මෙකී වරුග බෙදීම 'පෙළපතක්' වශයෙන් භාවිතා කරනු පෙනේ. ප්‍රධාන වශයෙන් වරුග හයක් වැද්දන් අතර පවති: මොරාන වරුගේ, උනාපාත වරුගේ, ඌරු වරුගේ, ඇඹල වරුගේ, නමුඩන වරුගේ, සහ තලා වරුගේ වශයෙණි. මෙයට අමතර ව, වැද්දන්ගේ පදිංචි ස්ථානයන් ආශ්‍රීතයෙන් ද වරුග බෙදීමක් දක්නට ඇති අතර, ඒවා මෙහි ලා දක්වනු ලැබේ:හේනෙ-බැද්ද වරුගේ, ගොඩතලාව වරුගේ, එලකොතලිය වරුගේ, සීතල වන්නිය වරුගේ, ගිරාදුරු වරුගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරුගේ, හොරබොර වරුගේ, යක්කුරේ වරුගේ, උනිච්චිය වරුගේ යනාදිය ය. සමහර අවස්‍ථා වලදි, ආවහා-විවහා සම්බන්ධතාවලදී, ගරුග උස්පහත්කම් සැලකූ බව වාර්තා වී ඇත.සමහර විශාරදයන් දක්වන්නේ වැද්දන් විසින් වරුගෙන් පිට විවහයන් කරත්, බහිර්-වෛහිවක සමාජ පද්ධතියක් වරුග ආශ්‍රිතව පවතින බවකි.
සී. ජී. සෙල්ග්මාන්ට අනුව වැද්දන්ගේ වරිග බෙදීම ප්‍රධාන වශයෙන් ස්වකීය ගෝත්‍රයෙන් පිට විවහා වීම හෙවත් බහිර්‌වෛවාහික සහ මාතෘ පාර්ෂව මූලීක, ඌරා සහ මොනරා ආශ්‍රීත ගෝත්‍ර විහ්න ආශ්‍රයෙන් ගොඩ නැගුනක් බව ය (C. G. Seligmann, The Vaddas, 1911, p.30).
භූවිෂමතා ලක්ෂණ ඇසුරු කොට ද වැද්දන් ප්‍රධාන වශයෙන් වර්ගීකරණයකට බදුන් කළ හැකි ය. බින්තැන්න ඇසුරු කොට ජීවත් වන වැද්දන් සහ නැගෙනහිර පළාත ආශ්‍රීත වහරායි ප්‍රදේශයේ ජීවත් වෙති මොවුන් 'වෙතර්'වශයෙන් හඳුන්වනු ලැබේ.
great
ReplyDelete